ඉන්නම් දුරින්innam dhurin

Innam Durin

සංගීතය:
කනිෂ්ක අක්මීමනkanishka akmiimana
පද රචනය:
සජිත් අක්මීමණsajith akmiimana

ගී පද

මම ඉන්නම් දුරින්
ඔබ වෙතට.... කිසිදාක ලං නොවී
වෙන්වන්නට කලින්
ඔබෙ දෙතොල.... සිපගනීමි ආදරෙන්
ඇයි මේ තරමට ලංවුනේ අපී ආදරෙන්

කිසිදා නොපැතූ කඳුලැල් පමණයි නෙතේ
ඔබ හා බැඳුනා මතකයි මට අද වගේ
සෝ සුසුම් උරුමයි.... ජීවිතේ ගැඹුරුයි....
මව්පියන්ට දෙන්න බෑ රිදුම්
අත හරින්න මාගෙ අත හෙමින්
පරදිමු දෙන්නා ආදරෙන්

ඔබ වේ දිවියේ රැඳුනූ කුළුඳුල් කෙනා
තනි වේ අපගේ ආලේ නටඹුන් කතා
මේ සුසුම් අපටයි.... ආදරේ පුදුමයි....
මව්පියන්ට දෙන්න බෑ රිදුම්
අත හරින්න මාගෙ අත හෙමින්
පරදිමු දෙන්නා ආදරෙන්

මම ඉන්නම් දුරින්....