ඉන්නම් බලාinnam balaa

Innam Bala

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
කසුන් ඩේවිඩ්kasun deewid

ගී පද

නිදුකින්ම දිවියේ ඉන්න හිනැහිලා 
මගේ ආයුෂත් අරගෙන වැඩිකල් ඔහේ
අහසක් තරම් ආදරේ මට කියා 
වෙන් වී ගියත් නෑ තරහක් සිතේ
හදාගන්න හිත තාම මට බැරි වුණා 
ඔයා වාගේ පෙමටත් වඩා 
තේරුම් ගියොත් මාගේ සෙනේ 
නොහඬන්න කිසිදා කඳුළැල් සලා 
වෙනසක් වුනොත් ඔහුගේ සෙනේ
යළි එන්න ආයේ මා ඉන්නම් බලා.......

පණ වාගේ ළං වී එදා මං ගාවින් හුරතල් වෙලා
පොඩි දේටත් කඳුළැල් සලා යළි මොහොතින් පෑවේ සිනා
මට වඩා පෙම් කළා ජීවිතේ නුඹ යැයි කියා
නුඹ වගේ තව කෙනෙක් ළං වෙලා නෑ සදා......

තේරුම් ගියොත් මාගේ සෙනේ 
නොහඬන්න කිසිදා කඳුළැල් සලා 
වෙනසක් වුනොත් ඔහුගේ සෙනේ
යළි එන්න ආයේ මා ඉන්නම් බලා.......

සිහිවේදෝ පෙර කී කතා 
හැරයන්නේ ඔහුගේ වෙලා
මුණ ගැහුණත් දහසක් දෙනා 
ඔබ වාගේ නෑ ළං වෙලා.......
මට වඩා පෙම් කළා ජීවිතේ නුඹ යැයි කියා
නුඹ වගේ තව කෙනෙක් ළං වෙලා නෑ සදා......

නිදුකින්ම දිවියේ ඉන්න......