ඉඟි බිඟි පානාingi bingi paanaa

Ingi Bingi Pana

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
ටිරෝන් පීරිස්tiroon piiris

ගී පද

ඉඟි බිඟි පානා ඇස් මා හා අද රහසින් කී කතා
නොසිතු සේ මා ඈ සේයාරුව මා හා යා කළා
මගේ ආශා එයම වීලා මගේ ලෝකේ  ඈ වුණා
පණ සේ රැකගන්නම් දිවි තුරා
හමුවීලා මේ ජීවිතේ ලං වීලා ආදරෙන්
පවසාලා මේ යාමයේ පුද දෙන්නම් ආදරේ.......

දේදුන්න වාගේ පායනා ආකාසයේ 
සුරඟනක් ඇවිදින් මගේ සොයාගෙන ආදරේ
හිත හොරාගත්තා රහසින්ම මේ යාමයේ
පෙරළා ආරාධනා පාලා සිනා 
මගේ ආශා එයම වීලා මගේ ලෝකේ  ඈ වුණා
පණ සේ රැකගන්නම් දිවි තුරා
හමුවීලා මේ ජීවිතේ ලං වීලා ආදරෙන්
පවසාලා මේ යාමයේ පුද දෙන්නම් ආදරේ.......

ආදරෙයි කියලා හිස මගේ මුවට ළං කළා
හංඟාන සිතේ රහස් අද නොකියා බැරි වුණා
මා ඔබෙයි හැමදා වෙන ලොවක් මට නෑ කියා
පවසා ඈ මගේ ළඟ හුරතල් වුණා
මගේ ආශා එයම වීලා මගේ ලෝකේ  ඈ වුණා
පණ සේ රැකගන්නම් දිවි තුරා.......

ඉඟි බිඟි පානා.....