ගී පද
ඉලන්දාරිකම් ඉහට ගසා මා පස්සෙන් ලුහු බඳිනා
බාල වියේ මල් කුමරෝ හිත දෙන්නේ කොහොමද මං
මල් දුන්නෙන් මල් විදිනා හෙම්බත් හී සැර විදිලා
ලෝල කමට ලෝභ වෙලා ළං වෙන්නේ කොහොමද මං.......
කටේ කිරි සුවඳ තාමත් නොගියට
පුළුවන් තාලෙට හිත කිති කැව්වට
කෝල කතන්දර දහසක් මැව්වට
යාන්තමින්වත් ආදරේ නොසිතේ මට......
කල්ලි ගැටව් අත පණිවිඩ එව්වට
ලෝලකමට හිත මුනිවත රැක්කට
ආදරේ කරන්න වයසක් නැති විට
යාන්තමින්වත් ආදරේ නොසිතේ මට......
ඉලන්දාරිකම්.......