ගී පද
ඉකිබිදින නෙතු අගක කදුලක් අරං
සිත ගාව තැබුවාම නුඹෙ ආදරෙන්...
මං ගාව තුරුලටම දුක ලං වෙමින්...
නුඹ ගාව උන්නාට වැඩි ආදරෙන්...
මං නුඹ ගාව උන්නාට වැඩි ආදරෙන්...
සිහිනයක පැටලිච්ච සිතුවිලි ගොඩක්...
හිත ඇතුලෙ සැරසැරුවා කාටත් හොරෙන්....
ඉකි ගසන හඩ ඇසුනේ මා හට උනත්....
වෙන්වෙන්නෙ නෑ සිත නුඹ දුර ගියත්...
සිත වෙන්වෙන්නෙ නෑ මගෙ නුඹ දුර ගියත්....
ඇසිපියට පොඩි වෙච්ච කදුලක් අරං...
උණුසුමට ළග උන්නෙ මහ රෑ හොරෙන්...
හිත ඇතුලෙ තනිවෙච්ච මගෙ දුක අරං....
සනසන්න තුරුලටම ගෙන ඔබ ඉතිං...
මා සනසන්න තුරුලටම ගෙන ඔබ ඉතිං...
ඉකිබිදින නෙතු අගක.........