ඉකි බිඳින නෙතු අගකiki bindina nethu agaka

Iki Bidina Nethu Agaka

සංගීතය:
මාර්ක් රුක්මන්maark rukman
පද රචනය:
ශාලුක මදුශංකshaaluka madhushanka

ගී පද

ඉකිබිඳින නෙතු අගක කඳුළක් අරන්
සිතගාව තැබුවාම නුඹෙ ආදරෙන්
මං ගාව තුරුළට ම දුක ළංවෙමින්
නුඹගාව උන්නා වැඩි ආදරෙන්
මං නුඹගාව උන්නාට වැඩි ආදරෙන්

සිහිනයක පැටලිච්ච සිතුවිලි ගොඩක්
හිත ඇතුළෙ සැරිසැරුව කාටත් හොරෙන්
ඉකිගසන හඬ ඇසුනෙ මා හට වුණත්
වෙන්වෙන්නෙ නෑ සිත නුඹ දුර ගියත්
වෙන්වෙන්නෙ නෑ මගෙ නුඹ දුර ගියත්

ඇසිපියට පොඩිවෙච්ච කඳුළක් අරන්
උණුසුමට ළඟ උන්නෙ මහ රෑ හොරෙන්
හිත ඇතුළෙ තනිවෙච්ච මගෙ දුක අරන්
සනසන්න තුරුළට ම ගෙන ඔබ ඉතින්
මා සනසන්න තුරුළට ම ගෙන ඔබ ඉතින්

ඉකිබිඳින නෙතු අගක ..........