ඉගිල්ලිලා යන්න යං igillilaa yanna yan

Igillila Yanna Yan

සංගීතය:
ස්ටැන්ලි පීරිස්staenli piiris
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

ඉගිල්ලිලා යන්න යං කෝ පිහාටු නෑ අනේ
මූදු හතේ යන්න යං රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යං හිසට ඔටුනු නෑ අනේ
අහංකාර විලම්බීත ඇයි//

ඉරු දේවයා වැඩියොත් තමා
බොල් පිණි කැට සැඟවී යන්නේ
සඳ දේවයා වැඩියොත් තමා
ඝණ අඳුරේ පාළුව මැකුනේ
රජ මාළිගේ පොඩි පැල්පතේ
මිනිසුන්මය ඉපදී ඉන්නේ
ඒ කාරණා නොදනී මෙදා
ඇයි නොමිනිස්කම් මතුවෙන්නේ

ඉගිල්ලිලා යන්න යං...

අද ඉන්නවා හෙට යාවීදෝ
නෑ ඒ බව කිසිවකු දන්නේ
මහ සත් මහල් මැදුරින් පවා
මහ පොළවයි උරුමය වෙන්නේ
මතබේදයයි අමනාපකම්
ඇයිදෝ දිගටම ගෙනයන්නේ
අපි යාළුවෝ අපි යෙහෙළියෝ
නෑ නෑ අපි තරහා වෙන්නේ

ඉගිල්ලිලා යන්න යං...