ඉගිලෙන්න ඔබ එක්ක ආකසේigilenna oba ekka aakasee

Igelenna Oba Ekka Akase

ගී පද

ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
විදගන්න ඒ සිසිල ම සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වහි අරන්
සඳ මිතුරි සිත මිහිරි කල මැනවි
බිදු කදුලු පිනි පොකුරු කල මැනවි...

මට මම ම වී ඉන්න ලොකෙන් බිදක් නොදෙන
ඈතට වෙලා අපි අපිම වී ඉතින්
නව ලොවට මුල් අනු දෙන්න
මිල නොවන පෙම් කවිය පබදන්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සරනා..සිහිනෙන් දැවෙනා..

ඉගිලෙන්න ඔබ එක්ක...

ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්
ප් ‍රේමයට ප් ‍රේමය වෙන්න
නිල නොවන ජිවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලුලන්න මිහිකත මතින්
සිහිනේ සරනා කිරණින් දැවෙනා..