ඉද්ද මල් කතාවේidhdha mal kathaawee

Idda Mal Kathawe

සංගීතය:
අර්නස්ට් සොයිසාarnast soyisaa
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

ඉද්ද මල් කතාවේ
ඉද්ද මල් කතාවේ 
කුමරී රත්තරන් කුමාරී
මං වගේදෝ 
ඒ ඔයාදෝ 
මා එයාදෝ
ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී

ආදරේ ගම්මානෙ කඳුයායෙ බිහිවෙලා
හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා
හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා
අප ගැන ගහේ වැලේ ඇළේ දොළේ දැන්
ඇසුණෙද හීන් සැරේ
මුමුණන කතන්දරේ

ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී

කන් පෙති අරුංගලෙන් සරසවනා
කන් පෙති අරුංගලෙන් සරසවනා
අත කර රණේ රුවෙන් හැඩ කර
සුභ නැකතින් - මා එන්නෙම්
ඒ දිනයේ... සුරතල් සිනා
මට දේවි... සුභ වාසනා

ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේ

ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේ