හුස්මේ සැමදා රැඳුණාhusmee saemadhaa raendunaa

Husme Samada Raduna

ගී පද

හුස්මේ සැමදා රැඳුණා
සඳ නාරි උපමා මැවුණා 
වැස්සේ සිතු සේ තෙමුණා 
කිදුරාවී මනසේ ඇදුණා 
නෙතු යාවි බැදීලා සදා
හීන ගානේ රැයේ හි පවා 
සඳ සේයා වතේහි මවා
පෙම් සීතේ දැනේවී කතා 

සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා 
රෑක මදනල ගවසා 
හැගුම් රංචු වී ලා රැයේ පින්න පීරා 
නීල ඇසිපිය සලලා 
සිතේ හැගුම කොදුරා 
සදා මටම ලැබෙනා නාරි.... 
සදා මාගේ වීලා 

නෙතු යාවි බැදීලා සදා
හීන ගානේ රැයේ හි පවා 
සඳ සේයා වතේහි මවා
පෙම් සීතේ දැනේවී කතා 

රැදී ඉන්න මා හා සුපෙම් බැල්ම පාලා 
සේද රතදර මුමුණා 
රැයේ නින්දේ පායා මවා දුන්නු සේයා 
දෑත සසරෙම අමුණා 
සිතේ හැගුම කොදුරා සදා මටම ලැබෙනා නාරි ....
සදා මාගේ වීලා 

නෙතු යාවි බැදීලා සදා
හීන ගානේ රැයේ හි පවා 
සඳ සේයා වතේහි මවා
පෙම් සීතේ දැනේවී කතා