හුස්මක් තරමටhusmak tharamata

Husmak Tharamata

සංගීතය:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
පද රචනය:
පැතුම් රණසිංහpaethum ranasinha

ගී පද

(හුස්මක් තරමට මා ඉන්නම් ළං වීලා
ඔබ හැර කව්රුත් නෑ මේ ලෝකේ.....//)
තරු නෙතු මේ මුළු රෑ පුරා මා වශි කළා
මොහොතක් පාසා මැවෙනා හීනයක් හින්දා
ආදරේම ජීවිතේම වීලා 
(මාගේ ජීවිතේ පුරා රැකගමි ආදරෙන් ඔයා 
ගැහෙනා හුස්මක් පාසා මා ආදරෙයි සදා......//)

හිත චංචල කරනා ඔය බැල්මෙන් සැඟවිලා
මට ඉන්න බෑ සංසාරේ පුරා 
තප්පරයක් පාසා තව තව ආදරේ හිතිලා
ඔය ආදරේ ජීවිතේ වෙලා දුක් වේදනා දුර පාවී ගියා
මතු හැමදාම මගේමයි ඔයා
(මාගේ ජීවිතේ පුරා රැකගමි ආදරෙන් ඔයා 
ගැහෙනා හුස්මක් පාසා මා ආදරෙයි සදා......//)