ගී පද
හුස්මක් පුරා මට ළංවෙලා ආදරෙයි කියා මට ළං වෙලා
නුඹ හීනයක් වී ගියා ඔයා මගෙන් දුර ගියා
කවදා හෝ ආයෙමත් එයිදෝ මා සොයා
මග බලා ඉන්නවා හමු වූ තැන එදා
නෙතු මානේ තනිවීලා මා ඉන්නේ
කඳුලක්වත් නෑ ඔබේ නෙතට දුන්නේ
මේ සිහිනෙන් මා මියැදී යාවීදෝ
(ඔයා නිසයි හැම දේ අතහැර දැමුවේ......//)
ආදරේ පෑ සිනා කඳුළු හා මුසු වෙලා
මා දුටු සිහිනයෙන් ඔබ කෙමෙන් නික්මෙලා
ජීවිතේ තව දුරක් යන්න
හිත ඇතිතුරා මා ඉන්නවා එනතුරා මග බලා
වේදනා ඉවසලා වෙන හිතක් කෙරේ නෑ ළං වෙලා.......
උරහිසේ අත තියා ඔබ එදා කී කතා
ආදරෙන් දිව්රලා අද මෙසේ රවටලා
ආදරේ ආයේ මගේ ලොවට හිමිවෙයි කියා
මා ඉන්නවා එනතුරා මග බලා
වේදනා ඉවසලා වෙන හිතක් කෙරේ නෑ ළං වෙලා.......
හුස්මක් පුරා......