හුස්මක් දුරින් ඉන්නhusmak dhurin inna

Husmak Durin Inna

සංගීතය:
නිශාන්ත තේනබදුnishaantha theenabadhu
පද රචනය:
බියනි දිල්රුක්ෂිbiyani dhilrukshi

ගී පද

හුස්මක් දුරින් ඉන්න මගේ සඳ නුඹයි
නුඹ නැතිව දුක වැඩිය සඳ හාමිනේ
මං ආදරෙයි මං ආදරෙයි කුමරාණනේ මං ආදරෙයි
මං ආදරෙයි මගේ සඳ සාවියේ.......

ගල රළ වගේ සයුරේ දුක් කඳුළු හැලෙන්නේ 
මේ ආදරේ හින්දදෝ
කඳුළක් වුණත් සැපකි මට ඔබ ලැබේ නම්
මං ආදරෙයි කුමරාණනේ
වෙන් වෙන්න බෑ මගේ කුමරාණෙනි.......

හුස්මක් දුරින්........

දෛවයේ ලියා ඇත්තේ වෙන් වෙන්න නම්
සැනසෙන්න ඔබ ඔහුගේ තුරුලේ ඉඳන්
සමුගත් වෙලේ දැනුණ දුක තාම එහෙමමයි
වෙන් වෙන්න බෑ මගේ කුමරාණෙනි
මං ආදරෙයි කුමරාණනේ.......

හුස්මක් දුරින්........