හුස්ම සිඹින්නම්husma simbinnam

Husma Sibinnam

සංගීතය:
සංජුල හිමාලsanjula himaala
පද රචනය:
සචිත උදයංගsachitha udhayanga

ගී පද

හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ ආදරෙන් වෙලා
ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ හීනයෙන් පවා
මේ හිත ගත්ත රෑ හීන චායා නෙතු ගාව නැවතිලා පායා
මනමාල හැඟුමන් අපේ හිත පාරලා...

තුරුලට වෙන්නම් ඔය හිත මත්තේ ජීවිතේ ලියා
නිහඬව ඉන්නම් ඔය නෙතු මානේ ආදරේ තියා
ඇස් ළඟ උන්නු මේ කඳුළු සේයා
දුර ඈත ඔබ ගාව සඟවා
හැඩකාර හැඟුමන් අපේ ළඟ වෑහිලා...

සුසුමන් සුවඳේ පාවීලා ඔබේ අසලට වීලා
මගේ ආදරේ ගලපාලා ඔබේ නමටම ලියලා
හිත යාවෙලා පෙරමග ඒවිදෝ කියා
මග බලා ඉන්නම් ආදරේ දරා...

හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ ආදරෙන් වෙලා
ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ හීනයෙන් පවා...

හැඟුමන් මහදේ පීදිලා ඔබේ තුරුලම සොයලා
නිහඬව අඳුරේ තනිවීලා ඔබ සෙව්වා
හිත යාවෙලා පෙරමග ඒවිදෝ කියා
මග බලා ඉන්නම් ආදරේ දරා...

හුස්ම සිඹින්නම් පෙම්...