හුරු වෙන්න මං නැතිව ජීවිතේ ගෙවන්නhuru wenna man naethiwa jiiwithee gewanna

Huru Wenna Man Nathiwa

ගී පද

හුරු වෙන්න මං නැතිව ජීවිතේ ගෙවන්න
මට ඉන්නවා දැන් කෙනෙක් පෙම් කරන්න
ඔබ දුන්න දුක් ගින්න නිවිලාම යන්න
ළං වෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න

වෙන නෑ ඔයාට මං වාගේ
මිනිහෙක් ලබන්න මේ භවයේ
මට දුකක් නොදී ඔබ හිටියා නම්
තව ආදරෙයි පැලෙන්න

සිල් අරන් වගේ ඔබ හිටියේ
ඇස් පනා පිටම සිල් බින්දේ
ආදරේට වංචා නොකලා නම්
තව ආදරෙයි පැලෙන්න

කිසිදාක අත් නොහරිනා තරමට
මගෙ හිතට ලං වෙච්ච ඒ කුසුමට
දුක් වෙන්න බෑ හිත හිතා ඔබ ගැන
ඔබෙ මතක අතුගාලා ඉවරයි මම

වෙන නෑ ඔයාට මං වාගේ....

පණ දෙන්න වාගේම ඉදලා ලඟ
වෙන තුරුලකට යන්න හිතුවේ නුඹ
හති වැටිල ආයේ හැරි ආවට
ඇය ඉද්දි මට දැන් ඔයා මොකටද

හුරු වෙන්න මං නැතිව ජීවිතේ ගෙවන්න....