හොර පූසෙක් බටු මීයෙක්hora puusek batu miiyek

Hora Pusek Batu Meeyek

ගී පද

හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්)
බටු මීයෙක් කටස් කටස්…//
හොර පූසියි බටු මීයයි තර‍ඟෙට දිවුවා
පූසි වැටිලා කිරි හැළියක
මීයා වැටිලා පැණි හැළියක
අපට හරි හිනා...//

හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්)
බටු මීයෙක් කටස් කටස්…//

පැණි බී මත්වුන මීයා
පරාලේ උඩ වැනි වැනි උනි…//
මට දැන් අහුවුනොත් ඒකා
මං එළෙව්ව හොර පූසා
කීතු කීතු වලට ඉරා
වීසි කරනවයි කීවා…//

ඒක ඇහිලා හොර පූසා
කිරි හැළියෙන් ඉහ උස්සා…//
බැලුවා විතරයි ඌ දැකලා
වහළෙන් පහළට වැටිලා
තඩි වංගෙඩියක හැපිලා…//

මහ තඩි වංගෙඩි පතයක්
කකුල ටිකක් උස්සාගෙන…//
බටු මීයට හැංගෙන්නට තැනක් කියනවා
හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා…//
හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා////