හොඳ බොරු ඔයා කිව්වෙ මට දිව්රලාhonda boru oyaa kiwwe mata dhiwralaa

Hoda Boru Kiwwe Oyaa

ගී පද

හොඳ බොරු ඔයා කිව්වෙ මට දිව්රලා
විශ්වාසෙ කඩකෙරුවෙ මා රවටලා
වැලපෙන්න බෑ එකතැනක නැවතිලා
සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා

කව්රුන්ද හරියටම පැරදුනෙ කියා
දැනගන්න ඉවසන්න ඕනෙම තමා

මුලු ජීවිතේ වෙන්කලේ වෙන්කලේ ඔබටමයි
අමතක කරපු තාලෙ පුදුමයි දුකයි
අපෙ ලෝකෙ බිඳ දැම්මෙ සුදු ඔබ තමයි
ඉර හද පවා මාගෙ ගුණදම් කියයි

එනකල් අන්තිම වෙලාවම මගේ 
ඔබ ලගම නවතින්න ඕනෑ කලේ
හීනයක වත් නොසිතු දෙයකී උනේ
හිතුවේම නැතිතැනක අපි වෙන්වුනේ

හොඳ බොරු ඔයා කිව්වෙ මට දිව්රලා
විශ්වාසෙ කඩකෙරුවෙ මා රවටලා
වැලපෙන්න බෑ එක තැනක නැවතිලා
සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා