හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපිhithumanaapen lan wii pem kalee aeyi api

Hithumanapen Lan Wee Pem Kale Ai Api

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
ඩිලාන් ගමගේdilaan gamagee

ගී පද

හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි
ඔය හිතින් සමුදී හුඟ කලක් වෙන්නැති
ඔබ ලැබුණට වඩා නොලැබුණි නම් හොඳයි
එහෙනම් තාම මං තනිකඩයි...
හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි...

මහා මෙරක් උසට සෙනෙහස දරා
මා ආවා බැරි බර දරා
ප්‍රේම කෙරුවා කාටත් වඩා
හුමාලෙට පවා මුහුවෙලා
ආත්මය පාවලා ඔබ ගියත් වෙන්වෙලා
තනිකඩයි තාම මා...

හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි
ඔය හිතින් සමුදී හුඟ කලක් වෙන්නැති.....

පාළු මනසින් මා විඳවලා
මියදෙන්න බෑ තනිවෙලා
ආයේ මුණ නොගැහී ඉමු අපි සදා
නෑ තරහා ඔබ එක්ක මා
ආත්මය පාවලා ඔබ ගියත් වෙන්වෙලා
තනිකඩයි තාම මා...

හිතුමනාපෙන් ළං වී.....