හිතවතුන් මෙන් ඉදිමු කියලාhithawathun men idhimu kiyalaa

Hithawathun Men Idimu

ගී පද

හිතවතුන් මෙන් ඉදිමු කියලා ආ පහින් ඔබ ගියත්.
හෙටත් ඔබටයි පෙම් කරන්නේ මට ඔයා නොලැබුනත්.
මේ මං දුප්පත් හින්දා.
ඔබ මේ ඇස් මගහැරලා.
අද යන්න ගියත් හැරිලා හිත කහටක් නෑ කිසිදා.
කවදා හෝ මුන ගැහුනත් මගකදි හරී ඔයා..
නොදුටුවමෙන් රත්තරනේ ඔබ යන්නට එපා.
කවදා හෝ....../

පය පෑගෙන දූවිල්ලක් තරමට මා නොවටින හින්දා.
පිට පාරෙන ඔබ හැරිලා යන්ඇති පැදුරටවත් නොකියා.
ඔයාගෙ විතරයි මම මේ.
ඇයි මගෙ විතරක් ඔබ නොව්නේ.
පෙම් කල හිතට රැවටිලි එපා..
මේ මං දුප්පත්......//

කදුලු හිදෙනකම් මේ නෙතු අතරේ ප් ‍රේමය හිර කරලා.
තබාගනිමි ඔබ නැවතත් දවසක අාවට දෙන්නට මා.
ඔයාගෙ විතරයි මම මේ.
ඇයි මගේ විතරක් ඔබ නොව්නේ.
පෙම් කල හිතට රැවටිලි එපා.
මේ මං දුප්පත්......//
හිතවතුන් මෙන්.......//