හිතට හොරා නුඹhithata horaa numba

Hithata Hora Numba

ගී පද

හිතට හොරා නුඹ ගැන ආදරය මවා
නෙතට හොරා නෙතු කඳුළින් තෙමී ගියා
මටත් වඩා මම නම් ආදරේ කළා
ඒත් ඉතින් මා තනිකර නුඹත් ගියා

ළයේ හිස හොවා පෙරදා ගෙවූ කාලය
මගේ ළඟ ඔයා දිවුරා දුන්නු හීනය
මිරිඟු දිය සොයා දිව ගිය මුවැත්තිය ලෙස
අතරමං වුනා මා අද සිහින කතරක

කාත් කවුරුවත් නැති ජීවිතයේ 
සතුට ගෙන තියා නුඹමයි මසිත සැනසුවේ
තවත් කෙනෙක් නෑ මට දුක කියන්න මෙලොවේ
මගෙන් උන වරද මා හට කියන්න සුහදේ