හිතට හිතhithata hitha

Hithata Hitha

පද රචනය:
කොලින් හර්ෂkolin harsha

ගී පද

හිතට හිත පෙම් කෙරූ තරම් 
මතක නැතිවද පැතු පැතුම්
හුස්ම නුඹ මගේ හුස්ම තරම් 
වටිනවා මගේ රත්තරන්......

ඔය සිනහාවේ ඔය කතාවේ මිහිර අමතක නෑ
වේදනාවයි කඳුල පමණයි සතුට මට හිමි නෑ
රිදුම් නොමදෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ
ගැහෙන හදවත මියැදුන දාටත් අමතක වෙන්නේ නෑ.......

හිතට හිත.......

පැතුවේ පිවිතුරු ප්‍රේම හැඟුමන් මා ඔබෙන් ළබැඳි
ලැබුනේ විරහව කඳුල තනිකම බිඳුණු සිතුවිලි
රිදුම් නොමදෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ තනි වී
මගේ හදවත මියැදුන දාටත් අමතක නොම වේවි.......

හිතට හිත.......