හිතට දැනුනේ ඔයාවයිhithata dhaenunee oyaawayi

Hithata Danune Oyawai

සංගීතය:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
පද රචනය:
දිලිප් නුවන්dhilip nuwan

ගී පද

හිතට දැනුනේ ඔයාවයි හිතේ රැඳුනෙත් ඔයාමයි
හිත හොයපු හැම දේම තිබුණේ ඔයා ළඟමයි ඔයාටයි 
මතක් වෙන්නෙත් ඔයාවයි මතක හිටියෙත් ඔයාමයි
මගේම යයි හිත කියනමුත් මට හිමිනොවන්නෙත් ඔයාවයි......

නෙතේ අග වුණු කඳුළු කැටයක් කතා කළ හැකි නම් කියයි
ඔයා ගැන සිහිකරන ගානේම සිතින් හැඬු හැටි මං හොරෙන්
ලබා ගන්නට බෑ ඉතින් ඔයා කෙනෙකුගේ අත අරන්
කීවේ නැතිවට ඔයත් දන්නවා මුළු සිතින් අපි ආදරෙයි.......

හිතට දැනුනේ.......

දුරින් යනකොට මා දිහා ඔහොම බැලුවම ඇත්තමයි
දුවන් ඇවිදින් තුරුල් කරගෙන ඉන්න හිතෙනවා සත්තකයි
හැඟම් වැල් හදවත දවයි ආදරේ හිත පාරවයි
හිනාවෙන්නම් කඳුළු හංගන් හැඬුවොතින් ඔබ දුක හිතයි.......

හිතට දැනුනේ.......