හිතන්නෙපාhithannepaa

Hithannepa

ගී පද

හිතන්නෙපා ... හිතන්නෙපා
මම ගැන නුඹ වැරදි තාලෙට
මං එහෙම ඇමුවේ නුඹ ගැන මට
ඇති වුන ආලෙට මට ඇතිවුන ආලෙට //

මොන ගහේ පිපි තිබුණත්
මල සුවඳයි නම් මට //
එය නෙලා සිඹිමි මල් පෙති වල
අවසර තරමට ඇති අවසර තරමට //

හිතන්නෙපා ....
නුඹ කොහේ ඉඳන් නැතුවත්
මගෙ උණුහුම බිඳකට //
මද පවන් රොදක් සේ එන්නම්
ළඟ දැවටෙන්නට සියොළඟ දැවටෙන්නට

හිතන්නෙපා ...