හිතකින්hithakin

Hithakin

සංගීතය:
හෂාන් තිළිණhashaan thilina
පද රචනය:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

ගී පද

නෑසුනාට මාගේ ඉකි බිඳුම් මේ හදවතේ
නුඹේ ලමැද රාවේ තාම රැව්දේ සවනතේ
වැරදුණාට හැම දේ අපි නමින් ඒ තැනු ලොවේ
මගේ සිහින අතරේ තව සරන්නේ නුඹ ම වේ

යලි එන්න යැයි කියා නොකරමි ආයාචනා
සැනසීම සොයපු තැනක ලැබුණි නම්

අතකින් අත ගිලිහෙන්න
ඇති මුත් එක නිමේෂයක්
හිතකින් අත හැරලන්න
මදිවෙයි මුළු ජීවිතයත්....//

නුඹව හඳුනන්න මෙමට බැරි වෙන්න
ආදරේ තිබුණා මට මාව අහිමි වෙන්න
දිනෙක රැවටෙන්න වන බවක් නොදැන
ජීවිතේ හැමදා පැතුවේම නුඹගෙ වෙන්න

අතකින් අත ගිලිහෙන්න....//

වැරදි නැහැ දන්න මගෙන් දුර යන්න
පණ වගේ උන්නා නුඹ එක්ක සසරෙ එන්න
කල්පයක් පමණ දවස දිගු වෙන්න
මතකයේ ඉන්නා හැටි මෙහෙම කඳුළු දෙන්න

අතකින් අත ගිලිහෙන්න....//