ගී පද
හිත රිදුනු තරම් දුක දැනුනු තරම්
නුඹ නම් දන්නේ නෑ රත්තරන්
මේ කඳුළු වලින් නුඹ ඇදෙන තරම්
දන්නේ මේම මයි සත්තකින්
මගෙ ආදරේට ශාප වෙද්දි ජීවිතේම නුඹම වෙද්දි
හිතෙන්නේ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන ජීවමාන මතකයන්ට
ඔයාගේ ආදරේ මට
හෝ.. ලැබුනොත් ලොවක් සම්පත් පිරී
පල නෑ ඒ හැම දෙයින්
මගෙ ලෝකයේ අදටත් නුඹයි
නුඹේ ලෝකයේ මං නැතත්
මගෙ ආදරේට ශාප වෙද්දි....
හෝ.. වෙහෙසයි ඇති කියලයි සිතී
දැවටෙල්ලේ මා කෙසේ
සතුටත් නුඹයි කඳුලත් නුඹයි
මේ ලෝකයේ මට ඇති
මගෙ ආදරේට ශාප වෙද්දි....
හිත රිදුනු තරම්
හිත රිදුනු තරම් දුක දැනුනු තරම්
නුඹ නම් දන්නේ නෑ රත්තරන්
මේ කඳුළු වලින් නුඹ ඇදෙන තරම්
දන්නේ මේමමයි සත්තකින්
මගෙ ආදරේට ශාප වෙද්දි....