ගී පද
හිත රිදෙන තරම ගැන නොසිතා
නුඹ යන්න ගියා මට නොකියා
නපුරු උනේ...හිතකින්දෝ....
මං වැරදි නැතත් පසුතවිලා
නුඹ අහිමි බවින් හිත මැරිලා
දුකයි මගේ...රත්තරනේ.......
නුඹ මගෙ අවසන් අදරයයි
නොලැබෙයි නම් තනිවීම සැපයි
අරමුනු නෑ තවත් මගේ ජීවිතයේ.....
මතකද දුන් ඇමතුම් පෙරදා
පණිවිඩ හැම තිස්සෙම එවුවා
වෙනසට හේතුව වත් නොකියා
යන්න ගියේ කොහොමද රිදවා
නුඹ මගෙ අවසන් ආදරයයි
නොලැබෙයි නම් තනිවීම සැපයි
අරමුනු නෑ තවත් මගේ ජීවිතයේ...
අතමිට හිගකම් තිබු හින්දා
ඒ ගැන ඔබ හිතුවද මන්දා
ආදරෙ දුප්පත් නෑ කියලා
දෙවියනි පහදන්න ගිහිල්ලා
නුඹ මගෙ......
හිත රිදෙන තරම......