හිත රිදී ඔබත් අහස වාගේhitha ridhii obath ahasa waagee

Hitha Ridee Obath Ahasa Wage

ගී පද

හිත රිදී ඔබත් අහස වාගේ
අඳුරු ලලා හඩන පැයේ
පොළව වෙලා ගලන කඳුළු
ඉවසන්නම් මං .... ඉවසන්නම්

හිරුසේ ඔබ උරණ වෙලා
බුබුරන විට මද්දහනේ
පතුරා ගිනිදැල්
ඒ ගින්නෙන් ඇවිලී යයි
මා හද ලියවැල්

හිත රිදී ඔබත් අහස වාගේ
අඳුරු ලලා හඩන පැයේ

සඳසේ ඔබ මිහිරි වෙලා
දැල්වෙන විට හිත් අහසේ
තවරා සිහිලැල්
ඒ සිහිලෙන් යළි පිබිදෙයි
මා හද කුමුදු මල් 

හිත රිදී ....

ඔබට වඩා ඒ කඳුළින් පැලපෙන්නම් //