හිත මගේ රැවටුණත්hitha magee raewatunath

Hitha Mage Rawatunath

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
රේරූreeruu

ගී පද

හිත මගේ රැවටුණත් ඈ නොවේ රැවටුණේ
හිතුව දේ බොරු වුණත් දුටුවේ මා බොරු නොවේ
රත්තරන් ආදරේ හිස් කළා හිත මගේ
හදවතින් ආදරේ අස් කළා මා 
(ඒමත් නුඹේ හැරයාමත් නුඹේ
මේවා හීනත් නොවේ මා පුදුමත් නොවේ.......//)

මේ හිතට පණ වාගේ හිටියම ළඟින් මාගේ
හිතුවේ නෑ නුඹ කාගේවත් කියා
මේකයි නුඹේ වාරේ මා රවටනා තාලේ
තරඟයක් නෑ මාගේ නුඹ හා කිසිදා
රත්තරන් ආදරේ හිස් කළා හිත මගේ
හදවතින් ආදරේ අස් කළා මා 
(ඒමත් නුඹේ හැරයාමත් නුඹේ
මේවා හීනත් නොවේ මා පුදුමත් නොවේ.......//)

මේ ඇහැට නුඹ වාගේ කඳුළක් නොවේ ආයේ
දුටුවේ මා නුඹව ඔහු හා එදා
මේ නම් මගේ වාරේ නිහඬයි මගේ තාලේ
ආපස්සට රිදවන්නෑ නුඹව මා
රත්තරන් ආදරේ හිස් කළා හිත මගේ
හදවතින් ආදරේ අස් කළා මා......

හිත මගේ.....