ගී පද
හිත ලඟින් දුක කියන් විඳවමී සෑමදා
දුක දරා ගනු කෙසේ සැනසෙමි ඔබ නිසා
දැක ගන්න එක් වරක් මට ලැබුනොතින්
හිත හැදෙයි සත්තමයි ආයෙත් වරක්
ආයෙත් වරක්..
දෙනෙත නොපියා රැයම ඇහැරී
ඔබ ගැනම සිහි කළා
ඔබම හින්දා හදම රිදුනා
මට මාව නැතිවෙලා
මටයි රිදුනේ මමයි හැඬුවේ ඔබට නෑ වේදනා
මැරෙන මොහොතේ ඔයා එයිදෝ
සිත තාම මග බලා
දැක ගන්න එක් වරක් මට ලැබුනොතින්
හිත හැදෙයි සත්තමයි ආයෙත් වරක්
ආයෙත් වරක්..
කවුද දන්නේ රිදෙන තරමේ
දුක හදට මුහුවෙලා
වැරදි කෙරුවේ ඔබයි හැමදා
බොරු චෝදනා ගෙනා
මටයි රිදුනේ මමයි හැඬුවේ ඔබට නෑ වේදනා
මැරෙන මොහොතේ ඔයා එයිදෝ
සිත තාම මග බලා
දැක ගන්න එක් වරක් මට ලැබුනොතින්
හිත හැදෙයි සත්තමයි ආයෙත් වරක්
ආයෙත් වරක්..