හිත කීවාhitha kiiwaa

Hitha Keewa

සංගීතය:
දමිත අයෝද්‍යdhamitha ayoodhya
පද රචනය:
දිනු වික්‍රමසිංහdhinu wikramasinha

ගී පද

හිත කීවා හමුවූවා නෙතු හීනෙන් ඉඟි පෑවා
ඔය දෑස මාගේම නේදෝ සංසාරේ යළි හමුවේදෝ
ළංවීම ඉන්නම් දිවි තුරා ඔබගේම වේ කවදා හෝ 
සැනසෙන්න මට හැකි වේදෝ
මා පැතුම එයමයි සැමදා.....

මගේ හීන තුළ තාම මා දෑසේ දුටුවේ ඔබවද
සැනසෙන්න සිත්තම් වී යන මග මා බැඳේ
එන්නම් සසරේ වෙලී ඔබේ සෙනෙහේ බැඳී සැනසෙන්නම්
ඔය දෑස මාගේම නේදෝ සංසාරේ යළි හමුවේදෝ
ළංවීම ඉන්නම් දිවි තුරා ඔබගේම වේ කවදා හෝ 
සැනසෙන්න මට හැකි වේදෝ
මා පැතුම එයමයි සැමදා.....

මුතු හීන පිණි රෑක සඳ වෙන්න මගේ ලොවට
ඝනදුරක වෙලීලා මා ඔබ සඳ වී පායලා
රෂ්මිය දී රෑ පුරා නෙතු කඳුළක් යාවෙලා මට කීවා
ඔය දෑස මාගේම නේදෝ සංසාරේ යළි හමුවේදෝ
ළංවීම ඉන්නම් දිවි තුරා ඔබගේම වේ කවදා 
හෝ සැනසෙන්න මට හැකි වේදෝ
මා පැතුම එයමයි සැමදා.....

ඔබ මා පෑ ඒ සිනහවෝ 
හිමි නොවෙනා ප්‍රේම කතාවෝ
පිබිදුවා මාගේ චේතනා
ඔය අත ගෙන මා කවදා හෝ 
යන මග මං හෙළි වී නැතිදෝ
හමුවෙන්න පතමි සිත් පුරා......