හිත හිරි වට්ටනhitha hiri wattana

Hitha Hiri Wattana

සංගීතය:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
පද රචනය:
ප්‍රියාල් විජේසිංහpriyaal wijeesinha

ගී පද

හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක
හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක ලියාගන්න සින්නක්කර 
නිදන් කරන්නද මං මගේ පන ටික අහංකාර ඔය හිත යට 
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක 
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක 
	
කට්ටම කළුවර රැක ඇවිත් ඔබ සක්මන් කර හිත මත්තේ..//
හිරිකඩ හීතල කවියක් ලිව්වද කණාමැදිරි එළි අස්සේ 
සක්මන් කර හිත මත්තේ 

හිත හිරි වට්ටන..../
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක ..//

නේත්තරා යුග යටින් සීරුවට නිදන්න විත් සැනසිල්ලේ..//
ඔබ ඇහැරේනම් අහිපිල්ලක්වත් නොගහා රකින්නම් පණ සේ 
නිදන්න විත් සැනසිල්ලේ ..

හිත හිරි වට්ටන ../
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක ...////