හිත හදාගන්න තනියෙන්hitha hadhaaganna thaniyen

Hitha Hadaganna Thaniyen

සංගීතය:
තිලිණ රුහුණගේthilina ruhunagee
පද රචනය:
රචිත වාකිෂ්ටrachitha waakishta

ගී පද

හිත හදාගන්න තනියෙන්
නුඹ දෙන්නෙම නෑ මට නම්
තව ඉන්නේ ඇයිද නොගිහින්
ඔය හිත ඔච්චර තනි නම්
මට නුඹේ වෙන්න බැරි නම්
ඇයි කතා කලේ හොරැහින්
හිත පුරා කලා සෙල්ලම්
නුඹ සුලඟ වගේ ඇවිදින්

නපුරුම ඇයි නුඹ ඔතරම්
හිතන්නේ ඇයි නුඹ ගැන මං
ඇයි ලඟින් ඉන්නේ ඇවිදින්
මගෙ හිතේ ඉඩ නැති නම්
ඔය හුස්ම වැටෙන දුරකින්
මං ඉන්නද නුඹ එනකන්
ඔය කියන කතා බොරු නම්
මගෙ වෙන්නෙම නෑ නුඹ නම්
හිත පුරා කලා සෙල්ලම්
නුඹ සුලඟ වගේ ඇවිදින්