හිත හදාගන්නhitha hadhaaganna

Hitha Hadaganna

සංගීතය:
ලක්ෂිත මාතරආරච්චිlakshitha maatharaarachchi
පද රචනය:
නිලූක ඩි බණ්ඩාරniluuka di bandaara

ගී පද

හිතුවාද හිත හදාගන්න මා හැර ගියේ ඔහොම
අමතක වෙනවාද කියන්න ඒ ඉස්සර මතක
(අමතක කෙරුවත් මා එහෙම මතකයි නේද ඒ මතක.......//)

(ඉස්සර හීනෙනුත් මගේ ළඟින් උන්නා
දන්නෙම නෑ වගේ වෙන කෙනෙකුට බහ දුන්නා.......//)
මට කියන්න පොඩ්ඩක් හිතන්න අමතක වෙනවාද
කියන්න මගේ තුරුලේ උණුසුම් වූ දවස
(අමතක කෙරුවත් මා එහෙම මතකයි නේද ඒ මතක.......//)

හිතුවාද හිත හදාගන්න.......

(ලස්සන ඇස් දෙකත් මගේ තමයි කිව්වා
තිස්සේම මං වෙලා මගේ ලෝකයේ උන්නා........//)
මට කියන්න පොඩ්ඩක් හිතන්න අමතක වෙනවාද
කියන්න මගේ තුරුලේ උණුසුම් වූ දවස
(අමතක කෙරුවත් මා එහෙම මතකයි නේද ඒ මතක.......//)

හිතුවාද හිත හදාගන්න.......