ගී පද
හිත ගාව නවතින්න
හිනැහෙන්න සැනසෙන්න
මගෙ හිත බලන් ඉන්නවා
හැන්දෑව ආවාම
මහ සයුරේ රළ ගාව
මගෙ නෙත බලන් ඉන්නවා
අනේ මං තාම ඔබේමයි නේද
ඔබේ ඔය දෑත මගේමයි නේද
මගේ හිත ගාව එදා හැඩ පෑව
ඔබේ ඔය දෑත මගේමයි නේද //
මහ සයුරේ කිමිදෙන්න
රළ එක්ක හැප්පෙන්න
මගෙ හිත මගෙන් ඉල්ලුවා
මහ සයුර බිළි ගත්ත
ඔබ එක්ක මට ඉන්න
මගේ පණ මමත් පුදනවා
අනේ මං තාම ....//