හිත ගාව හීන මාලිගේhitha gaawa hiina maaligee

Hitha Gawa Heena Malige (Miya Yanna 2)

සංගීතය:
හර්ෂණ ප්‍රසාද්harshana prasaadh
පද රචනය:
උවිඳු දයාරත්නuwindu dhayaarathna

ගී පද

හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී
ලඟ පාත නෑ කොහේ ගිහින්ද මා කෙරෙන් මිදී
වදයක් නම් ඔයාට දැන්
ඉන්නම් මං වෙලා අයින්

නොලැබීම නේද ජීවිතේට මං ලබාපුදේ
මං කරපු වරද ආදරේද ඔබට පණ වගේ
ඇස් වැහුණුදාක සුබපතන්න සුබ ගමන් කියා
සුදු ඇඳන් ඔයා මං හොයාන එන්න නම් එපා

රැකගන්න බැරි වූ ඔබ දුන් පොරොන්දු
උදයේ හවා මාගේ ඇස් රතු කලා
අඩු නැතුව දුන්නු මාගේ ආලේ බොරුලු
මදි පාඩු කියලා කෙරුව චෝදනා
නෑ අගයක් සතයක්වත්
තිබුණේ නම් මා ගැන නම්

නොලැබීම නේද....

ඉවසූව රිදවුම් රැක ගන්න පෙම්දම්
පන්නන්න බැරි හින්දා මතකයෙන් ඔයා
මලදාකවත් මං තේරුම් ගියෝතින්
සැනසේවි සත්තයි ආත්මේ පවා
නෑ තරහක් යන්තම්වත්
නොඑන්න මං යනවා දැන්

හිත ගාව හීන මාලිගේ....
නොලැබීම නේද ජීවිතේට....