ගී පද
හිත ගන්නට නොහැක සුළඟට
කොහෙන් කෙළවර වේද හමනත
අසන්නද කළු ගල් කුලෙන්
හමා යනු මිස හැරුණු අතදිස
හිතා ගන්නට නොහැක ගඟකට
කොහෙන් කෙළවර වේද ගලනත
අසන්නද ගොළු ගහ වැලෙන්
ගලා යනු මිස ඔහේ පහළට //
දරාගන්නට හැකි ද හදකට
වියෝවේ බස කඳුළු වූ කල
කියන්නද රළු මිනිසනට දුක
ගලා යන්නට ඉඩ හරිනු මිස //
හිතාගන්නට නොහැක ....