ගී පද
හිත ආදරේ සොයා කියනවද බොරු කතා කියා
සිත එක තැනක තියා ගන්නට බැහැ වගෙයි ඔයා
ඔය ලා දෙතොල් තියා මා මුව සනසවයි ඔයා
මා ඔය උකුලෙ හොවා ගන්නකො ආදරෙයි කියා..මා හා
විහිළුවෙන් බොලඳ චාටුවෙන් මගෙ ආදරේ ගන්න බෑ
මොනතරම් ආදරෙ කලත් කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ
ලස්සන පාටට හිනැහුනු හීනෙක මුලකුරක් හෙව්වා
හීන ඉස්සව්වට රජ කල කුමරෙක් ආදරෙයි කිව්වා
හීන කතන්දර ඔහොමමයි සැබෑ වෙන්නෙ නෑ සත්තමයි ආදරී
විහිළුවෙන් බොලඳ..
රන්වන් දෙතොලට දිලිසෙන පාටට ආදරෙයි කිව්වේ නෑ
මං ලඟ නවතින ලස්සන හදවත් ඔයාගේ හීනෙ නෑ
බොලඳ වුනත් හරි සුන්දරයි ජීවිතේ හරි ලස්සනයි ඇත්තමයි
විහිළුවෙන් බොලඳ..
හිත ආදරේ සොයා..
විහිළුවෙන් බොලඳ..//