ගී පද
හිසේ ගිනි ඇවිලෙතේ
පසේ බුදුවරු නැතේ
ඇසේ නෙත නැත හිතේ
පිසින්නේ කවුරුන්දෝ
කඳුළු දනව්වේ උල්පතින්
හඬන හැඩුම් ගංඟා ගලා
ඒ ඉවුරේ මෙසේ
ලොවේ අය දිව යතේ
හිසේ ගිනි .......
යුගෙන් යුග අත් වැල් බැදී
යදම් වැලක් විලසින් ඇදි
නෑ නිවුනේ සදා
මිනිස්කම මෙදියතේ
හිසේ ගිනි .....