හිරුට හොරා සඳු හෙමිහිටhiruta horaa sandu hemihita

Hiruta Hora Sandu Hemihita

ගී පද

හිරුට හොරා සඳු හෙමිහිට නැග එනවා
මලට හොරා මල වෙත බඹරිඳු එනවා
නෙතට හොරා නෙත කඳුළැලි දැවටෙනවා
මටම හොරා නුඹ මසිතටම ලං වෙනවා

විඩා සිතට සුව සෙවනක් වූවාය
කාන්සියට රස මුසු බස් දෙඩුවාය
සිතා ගන්න බෑ හසරැලි මැකුනාය
වළාරොදක් සේ ඈතට ඇදුනාය

හිරුට හොරා ....

නෙලාගන්න බැරි වූ නුසුමක් වන්ට
පූරුවේ කරපු පින් පල මදිවා වෙන්ට
මතු ජාතියේ හිරු සඳු ලෙස දැක ගන්ට
පතා ගනිමු එක නුවරක උපදින්ට ///