හිරුමල් කිනිත්තක් දරාhirumal kiniththak dharaa

Hirumal Kiniththak Dara

ගී පද

හිරුමල් කිනිත්තක් දරා     
සිහිලැල් පියාපත් සලා 
සුළඟින් හොරෙන් මඟ අසා 
එන්නම් සැනින් ඔබ සොයා 
මතකෙන් ඉඩක් ඉල්ලලා   
තුරැලෙන් ලැඟුම් ගෙන එදා 
හසරැල් ලොවක් හිත මවා  
හෙට මා ඔයාගෙ වෙනවා........//

සුපෙම් භාවනාවක් වාගේ මගේ දෙස බලා
කියාදෙන්න ඔබගේ සෙනෙහස කොතෙක්දැයි කියා 
අහංකාර මාගේ හිත දැන් ඔබේ ළඟ තමා
නොදන්නවා වාගේ ඈතින් තවත් ඉන්නෙපා 
හිතේ මැවුණු ප් ‍රේම කවියේ හිඩැස් තැන් මකා 
හිදින්නට හිතයි සුවසේ තුරුල් වී සදා 
රැයේ දුටුව හීන රහසේ හැබෑවී මෙදා 
පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟුණා

පහන් තාරුකාවක් වාගේ හඳේ පායලා 
ගිලන් පෙම් පැතුම් හිත පතුලේ කොහේටද වෙලා 
නෙතින් වැටුණු කදුලැල් ඔබගේ අතින් පිසදමා 
සිනාසෙන්න ආසයි හැම කල් ඔබේ ලොව පුරා 
පහන් ටැඹ වෙලා දිවි ගමනේ නවාතැන් සොයා 
රැදෙන්නට හිතයි සෙවණේ සුසුම් හැර දමා 
ඔබෙන් ලැබුණු අදරේ නම් අනන්තෙට එහා 
පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟුණා 

හිරුමල් කිනිත්තක් දරා..........