හිරුගේ කිරණයි (ලක් අම්මේ)hirugee kiranayi (lak ammee)

Hiruge Kiranai (Lak Amme)

ගී පද

හිරුගේ කිරණයි උණුහුම දෙන්නේ
සඳුගේ සෙවණයි සිහිල බෙදන්නේ
කරදිය පොකුණයි රැකවල්ලන්නේ
එකම එක තැනයි මේ මිහිකතට තියෙන්නේ...

දිරිය විරිය ඇති රන් දරුවන් උපදින්නේ
ඒ ලෙයින් බල සේනා බිහිවෙන්නේ
එක ධජයක් යට ඒ සේනා රොක්වෙන්නේ
යන යන තැන ජයෙන් ජය ලබන්නේ
ඒ අභිමානෙන්, මවුබිම බැබළෙන්නේ...

ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
අපි එනවා මගේ අම්මේ
නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
දිවි දෙනවා පුදා අම්මේ
අම්මේ ලක් අම්මේ...

ජය මාවතයි අප සතු පැහැදිලි මගයි යා යුතු
සැම බාධා බිඳන් යමු අත්වැල් බිඳන්
සීමාව ආකාසේ වේ 
(ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
අපි එනවා මගේ අම්මේ
නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
දිවි දෙනවා පුදා අම්මේ
අම්මේ ලක් අම්මේ...///)