හිරු දෙවියෝhiru dhewiyoo

Hiru Deviyo

ගී පද

(හිරු දෙවියෝ තරහ වෙලා තාම ආවේ නෑ 
කුලී වැඩක් කරන අපට වැඩට යන්න බෑ 
මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ 
අපේ පැටවූ බඩගිනි දැනුනට අඩන්නේ නෑ)..//

කෙනෙකුට සැප ඇති කාලෙට තව කෙනෙකු දුකේ 
සංසාරේ හැටි මෙහෙමයි බුදු වදන් හැඟේ 
පෙර කල පවු තව පියවි නැතිවෙලා වගේ
හිනාවෙන්නෙ කොහොමද උඹ කියාපන් පුතේ 

හිරු දෙවියෝ....

වතුර බිංදු උදලු මිටදි ගේ බේරෙද්දී
පය දියවී උදලු තලේ මඩ ගෑවෙද්දී 
මං එනකං බඩ ගින්දර උඹ උහුලද්දී 
පොලොව කැපෙයි අඬමින් පස් තට්ටු බුරුල්වී 

හිරු දෙවියෝ....
(අපේ පැටවූ බඩගිනි දැනුනට අඩන්නේ නෑ)..///