හිරු දෙවියන්ගේhiru dhewiyangee

Hiru Deviyange

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
දුමින්ද හඳපාන්ගොඩdhumindha handapaangoda

ගී පද

හිරු දෙවියන්ගේ වරම් ලබා
සුබ නැකතින් පහනක් දල්වා
නැවුම් කලෙන් කිරි දිය උතුරා
හිරු මංගල්ලේ
ගම් මැද්දම මල්වර වේ
හිරු මංගල්ලේ.....

(ගොම මැටි ගා ගේ බිම ඔපලා
අටු කොටු නව සහලින් පුරවා
කුරණි පුරා ඉසුරින් සපිරේ
හිරු මංගල්ලේ...//)
ගම් මැද්දම මල්වර වේ
හිරු මංගල්ලේ.....

(විහිඟ හඬින් කුහු කුහු ගානා
ගස් වැල් පල බර වී ලෙලෙනා
සැමදෙන මුව හසරැල් නැගෙනා
හිරු මංගල්ලේ...//)
ගම් මැද්දම මල්වර වේ
හිරු මංගල්ලේ.....

හිරු දෙවියන්ගේ වරම් ලබා....
(ගම් මැද්දම මල්වර වේ
හිරු මංගල්ලේ...///)