හිරු දැවී සඳු ගිලීhiru dhaewii sandu gilii

Hiru Dawi Sandu Gili

ගී පද

හිරු දැවී සඳු ගිලී  කප්කෙළක් තරු නිවී
අඳුරු විය විමානය  හුදෙකලා මග නොමග
පැටලිලා තනිවෙලා හිරු ලෙසින් සඳු ලෙසින්
එකලු කළ මැන මහද සෙනෙහසින්

සිටු මැඳුරු යස ඉසුරු
පිරුනු ලොවකට මහරු වූ
කදෝපැණියෙක්මි මා ඇදිරියේ 
කෙලෙස නම් එළිය දෙමි කුමරියේ

කතරකට පිණි බිඳකි කුමුදකට පුර සඳකි
මතකයෙන් බිඳුණු මා කුමරියේ
හිරු දැවෙයි සඳු ගිලෙයි මගෙ ලොවේ
එළිය දෙමි කෙලෙස නම්
එකලු කල මැන මහද සෙනෙහසින්