හිරිමල් හිනාවකhirimal hinaawaka

Hirimal Hinawaka

ගී පද

හිරිමල් හිනාවක ඇවිදින්
මා නිල් නෙතු අතර රැඳිලා
බොරුවක් නෙමෙයි ඇත්තයි මගෙයි කීවා
පෑ සිනා දැකලා තරු මල් බිමට බැහැලා
ආදරය ලගම මං ගිහින් නවතලා
ජිවිතේ පැතුම හීනයේ තවරලා

සංසාර මාවතේ දුර ඈත හමුවෙමින්
කවියක් වාගේ හිත ලියවිලා
මතකයේ හැංගිලා හිත අද්දර ඉඳං
හිතවත් වෙන්න හිතුවා එදා
ඔය ජීවිතේ මාගේ විතර නම් 
මා ආදරෙයි සෙනෙහෙන් සදා

හිරිමල් හිනාවක ඇවිදින්................

දඟකාර හීනයේ උනුහුමේ වැතිරෙමින්
නොනිදා නෙතට හුරතල් වෙලා
මගේ විතරක් නිසා හිමිකම ළඟ තියන්
වස්සානයට ඉඟි බිඟි කළා
ඔය ජීවිතේ මාගේ විතර නම් 
මා ආදරෙයි සෙනෙහෙන් සදා

හිරිමල් හිනාවක ඇවිදින්...............