ගී පද
හිරිකඩ ඉහුණු කොළ පාට මා දම් ඕවිටේ
කඳුකර නටන නෙක වර්ණ සායම් රූ ඔබේ
හිත කිරි ඉද්ද මල් පිපුණු බව සීරුවේ
සුවඳින් දැනුනු විට දැක්කේ ඔබේ ආදරේ
අතුරක් නැතිව කිචි බිචිය මේ ළඳු ඕවිටේ
මට ඇවිදින්න ඉඩ නැහැනේ මගේ පාඩුවේ
මගේ හිත ගන්න රඟපාන බව විහඟුනේ
ඔබ හිතුවාද මට නොදැනෙනා බව කෙසේ.......
සැඩ සුළං කෝඩයේ ජිවිතේ මාරුතේ
නේක නේක මත් බිඟු පාන ආදරේ
ඒ බිඟු රඟන මිටියාවතේ අවිහිංසකව පුදනා සෙනේ
නොපෙනෙන ලෙසේ ඇයිද නොරැඳි ඉන්නේ
නොදැනුනු ලෙසින් හිටයොත් හොඳ යැයි සිතේ
මම තාම ළපටියි හැඟේ
ඔබ කොතරම් සොඳුරුද මලේ.......
ජීවිතේ විඳිනවා ආදරේ පෙනෙනවා
රෑන රෑන පෙම් බිඟු මා වටා එතී
පින්වන්තකම වෑහෙනා ඔබේ රුව භාවනාවක් වගේ
මොහොතක් බලා ඉන්න ඔය නෙත් යොමා
මෙතුවක් කල් මා හිටියේ මනසින්
බලා දැකගන්න හරි ආදරේ
ඉඩ දෙන්න හිත් සාගරේ......
හිරිකඩ ඉහුණු........