හිනාවෙන්න කියාදෙන්නhinaawenna kiyaadhenna

Hinawenna Kiyadenna

සංගීතය:
ජගත් කරුණාජීවjagath karunaajiiwa
පද රචනය:
ජගත් කරුණාජීවjagath karunaajiiwa

ගී පද

හිනාවෙන්න කියාදෙන්න සුසුම් දෙන්නෙපා
එතකොට හිනා නොවී බලන් ඉන්න ආයේ මං දිහා
ඔබ කොහේ හැංගුණේ කොහේදෝ ඔයා
හිතුමතේ හිතනවා මං ඔබෙයි කියා
දැනුණේ හැඟුණේ මං ඔබෙයි කියා
නොදැනුණේ ඇයි කියා අහන්නට එපා.......

හැඟුමක් වෙලා මං රවටලා සුළඟක් වෙලා
සුසුමින් වෙලා තැන තැන හිත නැවතිලා
තාම දන්නෑ ඔබ මගේ වෙලා
පපුතුරේ හැංගුණේ කොහේදෝ ඔයා
හිතුමතේ හිතනවා මං ඔබෙයි කියා
දැනුණේ හැඟුණේ මං ඔබෙයි කියා
නොදැනුණේ ඇයි කියා අහන්නට එපා.......

සිහිනෙන් පවා මං රවටලා එන්නම් කියා නොඑන්නම ගියා
තුන්තිස් පැයේ හිත නැවතිලා නැවතුණු තැනත් අමතක වෙලා
පපුතුරේ හැංගුණේ කොහේදෝ ඔයා
හිතුමතේ හිතනවා මං ඔබෙයි කියා
දැනුණේ හැඟුණේ මං ඔබෙයි කියා
නොදැනුණේ ඇයි කියා අහන්නට එපා.......