හිනැහෙන්නේ මං (නිල් නයනියේ)hinaehennee man (nil nayaniyee)

Hinahenne Mang (Nil Nayaniye)

ගී පද

හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ
ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ
අත ගන්න රැකගන්න
මට ඉන්න නිල් නයනියේ

කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
දිවියේ මතු දා තනි වෙන්නෙ නෑ
ජීවිතේ හසරැල් ආදරේ අබිමන්

සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ
පවනේ සැඟවී අපි යන්නෙ නෑ
මෙලොවේ කිසිදා වෙන් වෙන්නෙ නෑ
ප්‍රේමයේ අරුමේ ඒ ඔබේ මහිමේ

හිනැහෙන්නේ මං....//
කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ....
හිනැහෙන්නේ මං....//