හිනැහෙන්න නිල් දෑසේhinaehenna nil dhaesee

Hinahenna Nil Dase

ගී පද

හිනැහෙන්න නිල් දෑසේ තනි වෙන්න මං ආවේ
කො කොහේද නුම කොහේද ඇයි හැංගිලා
වැතිරෙන්න පපු පහසේ හුස්මකට දුර නැහැනේ
මං මෙතන නුබ ලගම මේ ඉන්නවා //

රතු රෝස මල් ගව්මේ රතු පාට තැවරිච්ච 
ඔය දෙතොලේ මුදු පහසේ මා මත් වෙලා
පෙම් පාට හැන්දෑවේ හීතලට ගුලිවේච්ච
අපේ හීන අපේ නේද රෑ එලි වෙලා //

හමුවෙන්න මග බැලුවේ නැලවෙන්න ඔය තුරුලේ
රෑ සීත සඳ සෙවනේ අපි තනි වෙලා
ඉගිකරන ඇස් වැහුවේ සගවන්න නුඹ සෙවනේ
මල් රේනු බිම පලසේ සිත් නැවතිලා 

හිනැහෙන්න නිල් දෑසේ .... //