හිනැහෙන්න හැමදාමhinaehenna haemadhaama

Hinahenna hamadama

සංගීතය:
ශෂික ප්‍රදීප් මල්ලවආරච්චිshashika pradhiip mallawaarachchi
පද රචනය:
ශෂික ප්‍රදීප් මල්ලවආරච්චිshashika pradhiip mallawaarachchi

ගී පද

හිනැහෙන්න හැමදාම ළං වී ඔයා 
ජීවිතය ඔබේ නමට පූජා කළා
හැම සසරේ ලැබ ගන්න පෙරුමන් පුරා 
(මේ භවයේ ඔබේ වෙන්න මා පින් කළා....//)

(රැකගන්නම් මගේ මැණික මට හිමි නිසා
නැහැ යන්නේ කිසිදාක තනිකර දමා....//)

(පින්වන්ත හිත ගාව දැනෙනා සුවේ
දැනුණේ නෑ මේ ලෙසට පෙර කිසි දිනේ....//)
දිවි ගමනේ මිණි පහන ඔබමයි ළඳේ
(වෙනසක් නෑ හැම සසරේ මං ආදරෙයි...//)

රැකගන්නම් මගේ....//

(මා ළඟට ළං වීලා හිඳින නිසා 
අඳුරකට සිර වීලා සිටිමි මා....//)
ඔබ ආයේ ළං වීලා දුක නැති කළා 
(ඔය තුරුලේ සතපන්න සිහිනේ පවා...//)

රැකගන්නම් මගේ....//
හිනැහෙන්න හැමදාම.....